ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පරිසර හිතකාමී බස් රථ 1000ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. හංගේරියානු ආනයන අපනයන බැංකුවේ මූල්‍ය සහය ඊට හිමිවී ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ.

විදුලි බලයෙන් දිවෙන බස් රථ 250 ක් හා දෙමුහුන් බස් රථ 750 ක් මේ යටතේ මිලදී ගැනීමට නියමිතයි. 2030 වසර වන විට පරිසර හිතකාමී ප‍්‍රවාහන ව්‍යුහයක් ඇති කිරීමේ වැඩපිළීවෙලට සමගාමීවයි මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන්නේ.

LEAVE A REPLY