ඊයේ දිනයේ පැවති (08) සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ 4වන තරඟයෙහි ජය ශ‍්‍රී ලංකා කණ්ඩායම සතුකර ගැනීමට සමත්විය.මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 7ක් දැවී ලකුණු 306ක් ලබා ගැනීමට සමත් වුනු අතර දසුන් ශානක පන්දු 34කදී ලකුණු 65ක්ද, කුසල් ජනිත් පෙරේරා පන්දු 32කදී ලකුණු 51ක්ද, තිසර පෙරේරා නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා.දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් වන ලූන්ගි නිගිදි සහ ජේ.පී.ඩුමිනි විසින් කඩුලූ 2 බැගින් ලබා ගත්තා.පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු පිළට තරගයේ ජයග‍්‍රහණය සඳහා පන්දුවාර 21කදී ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 191ක් රැස්කළ යුතුව තිබුණත් දකුණු අප‍්‍රිකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 187ක් පමණි.දකුණු අපි‍්‍රකානු පිළ වෙනුවෙන් හශීම් අම්ලා පන්දු 23කදී ලකුණු 40ක්ද, ජේ.පී.ඩුමිනි පන්දු 23කදී ලකුණු 38ක්ද ඞී කොක් පන්දු 13කදී ලකණු 23ක්ද ලබා ගත්තා.පන්දු යැවීමේදී ලකුණු 46කට කඩුලූ 3ක්ද තිසර පෙරේරා ලකුණු 32කට කඩුලූ 2ක්ද ලබා ගත්තාකෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස දැනටමත් දකුණු අප‍්‍රිකාව ජයගෙන තිබේ.තරඟාවලියේ අවසන් තරඟය 12 වනදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී පැවැක්වීමට නියමිතයි.

LEAVE A REPLY