විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට ව්‍යවස්ථානුකූලවත්,සම්ප‍්‍රදායානුකූලවත් හැකියාවක් නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී සිය තීරණය දැනුම් දෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.

පසුගිය දා විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් විසින් කතානායකවරයගේ තීරණය කුමක් දැයි විමසා සිටි අතර මන්ත‍්‍රීවරු බහුතරයක් සිටින මන්ත‍්‍රී පිරිසට එම ධූරය ලබාදිය යුතුව ඇති බවයි ඔවුන් කියා සිටියේ.

ඒ අනුව විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අඳහස්,විද්වත් අඳහස්, ලෝකයේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්,පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදයන් ගැඹුරින් අධ්‍යයනය කර මෙම තීරණය ප‍්‍රකාශ කරන බව ද කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළා.

එහිදී මෙම තීරණය පිළිබද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් අදාල මතය පිළිබද විමසීමක් කළ ද ස්ථාවර නියෝග වලට අනුව කථානායකවරයාගේ මතය අභියෝගයට ලක් කළ නොහැකි වීම හේතුවෙන් මන්ත‍්‍රීවරුන්ගේ අදහස් එහිදී ප‍්‍රතික්ෂේප වුණා. එම තත්වයත් සමග පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක්ද ගනු ලැබුවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අදහසක් මතු කළා. ඊට සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා සහ කථානොයක කරූ ජයසුරිය මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.

LEAVE A REPLY