ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හෙට දිනයේදී අත්සන් තැබීමට නියමිත ආරක්‍ෂක අයවැයෙන් විශාල මුදලක් ශී‍්‍ර ලංකාවටද ලබා දීමට යෝජනා වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව / ඉන්දියාව ඇතුලූ රටවල් ගණනාවක් සමග ආරක්ෂක සබඳතා වැඩිදියුණු කරගැනීමට අදාලව අමෙරිකාව වෙන්කර ඇති මුදල ඩොලර් බිලියන 716 ක්. මෙම පණත පසුගියදා එරට සෙනට් සභාවේදී සම්මත වූනා. එය අනුමත කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා හෙට දිනයේදී ඊට අත්සන් තැබීමට නියමිතයි.
චීනය සහ රුසියාව වැනි ප‍්‍රතිවාදී රටවල්වලට එරෙහිව යුද බලය ගොඩ නැගීම මෙම වැඩපිළීවෙලේ ප‍්‍රධාන අරමුණයි. එමෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත්ව කටයුතු කිරීමද එහි තවත් අරමුණක්. එමෙන්ම ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතරම් විශාල මුදලක් ආරක්ෂක සහයෝගීතාවය වෙනුවෙන් වෙන් කරන පළමු අවස්ථාවද මෙයයි.
කෙසේ වෙතත් එමගින් ශී‍්‍ර ලංකාවට කොතරම් මුදලක් වෙන්වී ඇද්ද යන්න මේ දක්වා අනාවරණ කර නැහැ.

1 COMMENT

LEAVE A REPLY