දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින තරග මාලාවේ අවසන් තරගය අද කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි. ඒ දිවා රාති‍්‍ර තරගයක් ලෙසයි. අද පැවැත්වෙන තරගය සඳහාද වෙනසකින් තොරව පසුගිය තරගයට සහභාගී වූ කණ්ඩායමම ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය ලබන 14 දා කොළඹ ආර්.පේ‍්‍රමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි. එම තරගයටද නායකත්වය ලබා දෙන්නේ ඇන්ජිලෝ මැතිව්ස් විසින්.
කෙසේ වෙතත් මෙම තරගය සඳහා නම් කළ සංචිතයටද ලසිත් මාලිංග ඇතුලත්ව නැහැ.

LEAVE A REPLY