දිවයිනට බලපා ඇති වැසි හා සුළං තත්ත්වය අද රාති‍්‍රයේ සිට ක‍්‍රමයෙන් අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම හා සබරගමුව පළාත් වල වැසිවාර කිහිපයක් ඇති විය හැකියි. බස්නාහිර පලාතට හා ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවලට සිහින් වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලේ. දැනට පවතින සුළං තත්ත්වය අද රාත‍්‍රියේ සිට තරමක් අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර හැටන් වතු යායේ කොටසක නායයාමේ ලක්ෂණ මතුවී තිබෙනවා. මේ හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 23කට අයත් සාමාජිකයින් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව සදහන්.

LEAVE A REPLY