බදුල්ල අළුගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් දරුවෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා බදුල්ල මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනතුරට පත්වූ ලංගම බස් රථය අද උදෑසන 8.30ට පමණ ප්‍රපාතයකට පෙරලි ඇති බවයි බදුල්ල පොලිසිය පැවසුවේ.

බස් රථය ප්‍රපාතයකට පෙරලි ඇත්තේ තවත් මෝටර් රථයකට ඉඩ ලබාදීමට යාමෙන් බවයි අප
වාර්තාකරු පැවසුවේ. මේ වනවිට අවුරුදු 12ක පමණ දරුවෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ 34 දෙනෙකු
බදුල්ල මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල්
ප්‍රකාශයෙකු පැවසුවේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලිසිය සිදුකරනු ලබනවා.

 

LEAVE A REPLY