ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකිනාකෙන් මහතා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.ජපන් තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඔහු තුන් දින නිල සංචාරයක් සදහා අද රාත්‍රියේදී දිවයිනට පැමිණෙන බවයි. රාජ්‍ය අමාත්‍ය නාකෙන් මහතා දිවයිනේ රැදී සිටින කාලය තුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතයි. දෙරටේ ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ජපාන විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ අනිකුත් නායකයින් හමුවීමට නියමිත වනවා.
මෙම සංචාරය මගින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින පුළුල් සම්බන්ධතාව තවදුරටත් තහවුරු වනු ඇති බව තානාපති කාර්යාලය විශ්වාස කරනවා.

එම සංචාරය තුළදී අද දිනයේ ජපන් ආධාර යටතේ කොළඹ වාරයේදී නාවික මුර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට නියමිතයි. එම යාත්‍රා දෙක මෙරට වෙරල ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY