ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට නේපාලය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපිය රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාවය අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා නේපාලය බලා පිටත්ව යාමට නියමිතයි. නේපාලයේ කත්මණ්ඩු නුවරදීයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ.

බෙංගාල බොක්ක සාමකාමී සහ තිරසාර කලාපයක් බවට පත්කිරීම යන්න මෙවර සමුළුවේ තේමාව වී තිබෙනවා. සමුළුව අතරතුර ජනාධිපතිවරයා නේපාල අග්‍රාමාත්‍ය
කේ.පි.ඕලි සහ නේපාල ජනාධිපති බින්ද්‍යා දේවී බණ්ඩාරි යන අය ද හමුවනු ඇති.
මෙහිදී ජනාධිපතිවරයා ලුම්බිණි නුවර සංචාරයක ද
නිරත වීමට නියමිතයි.

LEAVE A REPLY