පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ඌව
පළාතේ සියලූ රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින්.

අද පෙරවරු 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන
බවයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ
සම කැදවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා වී ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ

මේ අතර වැලිසර ලය රෝහලේ සේවකයෙකු රෝහලේ වහලය මත නැගී
විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ගිලන් රථ සේවයේ අනුයුක්තව සේවය කරන
මෙම සේවකයා හා තවත් සේවකයෙකු අතර සිදුවූ බහින්බස් වීමක් දුරදිග
යාමෙන් මෙම තත්ත්වය උද්ගතව තිබෙනවා. රෝහලේ පාලනාධිකාරිය සිදුකල
සේවා මුර සංශෝධනයට එරෙහිවයි ඔහු මෙලෙස වර්ජනයක නිරත වන්නේ

LEAVE A REPLY