ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්
පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කතානායක කරු ජයසූරිය මහතා විසින්
සිදුකළ ආරාධනය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ
කතානායකවරයා විසින් සිදුකර ඇති ආරාධනය ප‍්‍රතික්ෂේප කරමින්
ලිඛිතව ඒ පිළිබදව කතානායකවරයා දැනුවත් කළ බවයි

පාර්ලිමේන්තුවේ විපක්ෂය තුළ බහුතරයක් සිටින ඒකාබද්ධ විපක්ෂයට
විපක්ෂයේ අයිතිවාසිකම් ලබා නොදීමට විරෝධය පල කරමින් මෙම
ආරාධනය ප‍්‍රතික්ෂේප කළ බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා
පැවසුවේි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට දිනයේ පවත්වනු ලබන
විරෝධතා ව්‍යාපාරය පිළිබදව විශේෂ සාකච්ඡුාවක් අද පස්වරුවේ
පැවැත්වීමට ද නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්
පැවැත්වෙන මෙම සාකච්ඡුාවේ දී ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය
පවත්වනු ලබන ස්ථානය පිළිබදව අවසන් එකගතාවයකට පැමිණෙනු ඇතිි.

මේ අතර ලබන 05වනදා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන විරෝධතාවයට
වෙන්කළ ක‍්‍රීඩාංගන සියල්ල අවලංගු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී
දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු කිහිපදෙනෙක් එ් සම්බන්ධයෙන් අදහස් පල කළා. මේ වන විටත් සිය විරෝධතා ව්‍යාපාරය සඳහා කොළඹ නගරයේ ක‍්‍රීඩාංගණ කිහිපයක් වෙන්කර ගෙන ඇති බව දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සදහන් කළා.

LEAVE A REPLY