ජීව අත්බෝම්බ දෙකක් සහ හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින්
දෙදෙනෙකු අතුරුගිරිය අධිවේගී මාර්ග පාලම අසළ දී අත්අඩංගුවට ගෙන
තිබෙනවා. අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් මත අද අළුයම නවතා තිබු ලොරි
රථයක් පරික්ෂා කිරීමේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ

සැකකරුවන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සහ
හෙරොයින් ග‍්‍රෑම් එකයි මිලිග‍්‍රැම් 830ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් වැලිගම සහ බේරුවල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර
ඔවුන් අද කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට
නියමිතයි

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු
කරනු ලබනවා.

LEAVE A REPLY