ආසියානු කුසලානයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය
හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට ක‍්‍රීඩා අමාත්‍ය
ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබෙනවා.

මෙහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණි වහාම වත්මන්
ක‍්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරුගෙන් සහ ක‍්‍රීඩකයන්ගෙන් කරුණු විමසීමට
තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ඊයේ ජාතික ඔලිම්පික් කමිටු
පරිශ‍්‍රයේදී මාධ්‍ය අමතා පැවසුවා.

එමෙන්ම අවශ්‍ය වුවහොත් වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කර ඒ සඳහා
වෙනත් පුද්ගලයන් පත් කිරීමටද පියවර ගන්නා බවද අමාත්‍යවරයා
මෙහිදී මාධ්‍යවේදීන් අමතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මේ අතර හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාම මහතාද වත්මන්
ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබද අදහස් පල කළා ඒ කොළඹ පැවති උත්සවයකට
එක්වෙම්න්.

LEAVE A REPLY