මෙරට මහ නගර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පැල්පත්වාසීන්ට නව
නිවාස ඉදිකිරීමේ වැඩපිළිවලට උපරිම සහය ලබාදීමට මලයාසියානු රජය
තීරණය කර තිබෙනවා.

නිව්යොර්ක් නුවරදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග
මලයාසියානු අග‍්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඞ් මහතා
හමුවූ අවස්ථාවේදීයි මෙම තිරනයට එළඹ ඇත්තේ.

මෙම හමුවේදී මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ
මෙරට ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීම සඳහා ඕනෑම සහයක් ලබා දෙන
බවයි.

ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව මලයාසියාව කෙරෙහි
දක්වන සුහදශීලිත්වය පිළිබඳව මහතීර් මොහොමඞ් මහතාගේ
ඇගයීමට ලක් වී තිබෙනවා.

මේ අතර නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන
මහතා අද බෝ නොවන රෝග වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ
සංවිධානයට අයත් රටවල් ගෙන ඇති ක‍්‍රියාමාර්ගවල සාර්ථකත්වය විමසා
බැලෙන සැසියකට සහභාගි වනු ඇති.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම
සැසිවාරය මෙරට වේලාවෙන් අද රාත‍්‍රි 8.39 ට ආරම්භවනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගිවීමට නිව්යෝක්
නුවරට ගොස් සිටින ජනාධිපතිතුමා ලබන 29 වන දා මෙරටට පැමිණීමට
නියමිතයි.

LEAVE A REPLY