ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති
නාලක ද සිල්වා මහතා අද රජයේ රස පරික්ෂකවරයා හමුවට පැමිණ තිබෙනවා.

අද පෙරවරු 9.39.30ට පමණ නාලක ද සිල්වා මහතා එම දෙපාර්තමේන්තුව වෙත
පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට කටහඩ සාම්පල ලබාදීම
සදහා රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් වන ලෙස කොළඹ කොටුව
මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ දිනයේ නියෝගයක්
සිදු කළා.

ඒ අනුවයි රජයේ රස පරීක්ෂකවරයා හමුවට පැමිණ තිබෙන්නේ.

මේ අතර ඝාතාතන කුමන්ත‍්‍රණය හෙලිදරව් කළ නාමල් කුමාර නැමැත්තාගේ
නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට
ගත් ඉන්දියානු ජාතිකයා සතුව තිබු භාණ්ඩ කිහිපයක් ද රජයේ රස
පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිතයි.

එම ඉන්දීය ජාතිකයා සතුව තිබී සොයාගත් ජංගම දුරකථනයක්, මෙමරි කාඞ් පතක්
ඇතුළු භාණ්ඩ කිහිපයක් පරික්ෂා කර වාර්තාවක් කැඳවීමට නියමිතයි.

ඊට අමතරව මෙම පුද්ගලයා මානසික විකලාංග හා කායික රෝග වෛද්‍යවරයෙකු
වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමටද එහිදී මහේස්ත‍්‍රාත්වරිය නියෝග
කර තිබෙනවා

LEAVE A REPLY