දිවයිනට බලපා ඇති තද වැසි තත්ත්වයත් සමග ආපදා තත්ත්වය
හේතුවෙන් පුද්ගලයින් දසදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ අයහපත්
කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහල ගොස් ඇති
බවයි.

එමෙන්ම පවතින වැසි තත්ත්වය හේතුවෙන් නිල්වලා, කළු සහ ගිං යන
ගගවලත් අත්තනගලූ ඔයේ ජල මට්ටම් තවමත් පිටාර මට්ටමේ පවතින
බවයි.

මේ අතර පවතින වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත‍්‍රික්ක 04කට
නායයාමේ අනතරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, කළුතර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවලට නායයාමේ
අනතරු ඇගවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ
සංවිධානය සදහන් කලේ.

අයහපත් කාලගුණ තත්ත්වය සමග ඇතිවූ ආපදාවන් සම්බන්ධයෙන්
තොරතරු ගෙන එන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ් නියෝජ්‍ය
අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා

මේ අතර කාලගුණ විද්‍යා දෙපර්තම්නේතුව සදහන් කලේ මන්නාරම සිට
පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු
ප‍්‍රදේශවල ගිගුරුම් වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම සුළගේ වේගයද පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා ඉහල යා
හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි.
මේ හේතුවෙන් ධිවර හා නාවුක ප‍්‍රජාව මේ පිළිිබද වඩාත් අවධානයෙන්
කටයුතු කරන ලෙසයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර
කියා සිටියේ

 

LEAVE A REPLY