වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස්
නිල සුනඛයාට විදුලිය වැදීමෙන් අද උදැසන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිල සුනඛයා උදැසන ව්‍යායාම සඳහා රැගෙන යන අවස්ථාවේ පොලිස්
ක‍්‍රීඩාංගනයේ සිදුවු විදුලි කාන්දුවීමකින් සුනඛයාට විදුලිය වැඳී ඇති
බවයි වාර්තා වන්නේ.

අදාළ අවස්ථාවේ සුනඛයාගේ භාරකරු සුනඛයා බේරා ගැනීමට උත්සහ
දරා ඇති අතර එහිදි සුනඛයාගේ භාරකරුටද විදුලිය වැදී ඇති බවද
පොලීසිය සඳහන් කලා.

වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති කූපර් නැමැති නිල සුනඛයා
අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර සුනඛයාගේ භාරකරු වන පොලිස්
නිලධාරියා ද තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුලත් කොට ඇති බව
පොලීසිය වැඩිදුරටත් සදහන් කලා.

LEAVE A REPLY