දිවයිනට බලපා ඇති තද වැසි තත්ත්වයත් සමග ඇතිවූ ආපදා තත්ත්වය
හේතුවෙන් පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව
සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

එමෙන්ම පවතින වැසි තත්ත්වය හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගාවල ජල මට්ටම් තවමත්
පිටාර මට්ටමේ පවතින බව සදහන්.

මේ අතර පවතින වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත‍්‍රික්ක 05කට
නායයාමේ අනතරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කළුතර,ගාල්ල,කෑගල්ල,බදුල්ල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්කවලට
නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි
පර්යේෂණ සංවිධානය සදහන් කලේ.

වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ඇතිවූ ආපදාවන් සම්බන්ධයෙන්
තොරතරු ගෙන එන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් නියෝජ්‍ය
අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා.

 

LEAVE A REPLY