මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් බාරයට
පත් කර සිටින පර්පචුවල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන්
ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක කසුන් පලිසේන යන අය
විසින් ඉදිරිපත් කල ඇප අයදුම්පත් ප‍්‍රතික්ෂේප කිරීමට
අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන
සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මණ්ඩලය විසින් මෙම තීන්දුව ලබා
දුන්නා.

තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරු
ප‍්‍රීති පද්මන් සූරසේන මහතා කියා සිටියේ මෙම සැකකරුවන්ට ඇප
දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප
කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය
විසින් දී ඇති නියෝග දෙකක් ප‍්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු
නොවන බව සඳහන් කල අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒ අනුව
ඔවුන්ගේ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන බවයි කියා සිටියේ.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සිය ඇප ඉල්ලීම් වලින්
අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මහ බැංකු බැඳුම්කර
සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තමන්ව සැකපිට අත්අඩංගුවට ගෙන
කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට පත් කරන
බවයි

LEAVE A REPLY