රජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඊයේ මධ්‍යම
රාත‍්‍රී සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල්
155ක් වන අතර 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 169ක්
වනවා.

එමෙන්ම සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 141ක් ලෙස සදහන්
කෙසේ වෙතත් ඔටෝ ඞීසල් සඳහා මිල වැඩි කිරීමක් සිදු නොකිරීමටයි ඊයේ රැස්
වූ ඉන්ධන මිල සූත‍්‍ර කමිටුව තීරණය කර ඇත්තේ.

මෙවර මිල සූත‍්‍රයට අනුව ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 11කින් වැඩි
කිරීමට නියමිතව තිබුණ අතර මහජනතාවට ප‍්‍රවාහන ධීවර වැනි
ක්ෂේත‍්‍රයන්ට ඇතිවන්නා වූ අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් ඞීසල්
මිල වැඩි නොකිරීමට රජය තීරණය කර තිබුනා

මේ අතර ලංකා IOC සමාගමද පෙට‍්‍රල් හා ඞීසල් මිල ගණන් ඊයේ මධ්‍යම
රාත‍්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 155
ක් වනු ඇති. ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ
රුපියල් 172ක් ලෙසයි. එමෙන්ම ලංකා IOC සමාගමේ ලංකා ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රුපියල් 129 ක් ලෙසත් සුපිරි ඩිසල් ලීටරයක නව මිල රුපියල් 141 ක් ලෙසත් සටහන්
වනවා.

මේ අතර පෙට‍්‍රල් මිල ඉහළ යාමට සාපේක්ෂ ත‍්‍රිරෝද රථ ගාස්තුව හෙට
සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ ත‍්‍රිරෝද රථ
සංගමය පවසනවා.

මේ අනුව බස්නාහිර පළත් තුළ රුපියල් 40ක්ව පැවති දෙවැනි
කිලෝමීටරයට අය කල ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවත්
පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල වෙනස් නොකරන බවයි
එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසුවේ.

මධ්‍යම කඳුකරය ඇතුළු කඳුකර ප‍්‍රදේශවල පළමු කිලෝමීටරයට අයකරන
රුපියල් 60ක මුදල 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකරන
ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වාත් ඉහළ දමන බව සභාපතිවරයා
ප‍්‍රකාශ කරා.

සෙසු ප‍්‍රදේශ සඳහා අයකරන මුදල අද රාත‍්‍රියේදී ප‍්‍රකාශ කරන බවයි
ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY