මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල
ලේකම්වරුන් අද පස්වරුවේ සාකච්ජාවකට කැඳවා තිබෙනවා.
ඒ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක්
ගැනීම සඳහායි.

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යෑම සම්බන්ධයෙන් එහිදී
මැතිවරණ කොමිෂන් සභාවේ විරෝධය දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත
දැක්වීමට නියමිත බව සදහන්.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ අලූත් ක‍්‍රමයට හෙවත්
කොට්ඨාස ක‍්‍රමයට ද එසේත් නැත්නම් පැරැුණි මනාප ක‍්‍රමයට ද යන්න
කඩිනමින් තීන්දු කර ඊට අවශ්‍ය නීතිමය පරිසරය සකස් කර කර දෙන ලෙස අද
පැවැත්වෙන සාකච්ඡුාවේදී දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට
මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ

මේ අතර උතුරුමැද වයඹ මධ්‍යම සබරගමුව සහ නැගෙනහිර යන පළාත්
සභා පහ මේ වනවිට විසිරී ඇති අතර එහි පාලනය ආණ්ඩුකාරවරුන් වෙත
පැවැරී තිබෙනවා.

පළාත් සභා අක‍්‍රිය වීම නිසා පරිපාලන කටයුතු හා පළාත් සභා
මගින් ඉටු කල යුතු කාර්යභාරයන් ඇනහිට තිබෙන බව ද වාර්තා වනවා.
මේ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය මේ මස 25 වැනි දින නිමවීමට
නියමිත අතර දකුණ සහ බස්නාහිර පළාත් සභාවල නිල කාලය 2019 වසරේ
අපේ‍්‍රල් මාසයේදී නිම වීමට නියමිතයි. ඌව පළාත් සභාවේ නිල
කාලය 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී නිමවීමට නියමිතයි.

LEAVE A REPLY