44 වන ජාතික මහා ක‍්‍රීඩා උළෙල අද පොළොන්නරුවේ දී ආරම්භ වීමට
නියමිතයි. අද පස්වරු 2.30 ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ
ප‍්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ආරම්භ කිරීමට නියමිත තිබෙනවා.

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දුවාදරුවන්ගේ සරඹ
සංදර්ශනයකින් මෙම උත්සවය වර්ණවත් කෙරෙන බවයි ක‍්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ශ‍්‍රී ලංකාවේ පලාත් නවය නියෝජනය කරමින් මෙවර ජාතික මහා ක‍්‍රීඩා
උළෙල සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 2150කට වැඩි ප‍්‍රමාණයක් සහභාගී
වීමට නියමිතයි.

ජාතික මහා ක‍්‍රීඩා උළෙල අද සිට ලබන දාහතර වන දින දක්වා පැවැත්වෙන
අතර මෙහි සමාප්ත උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ
ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවයි ක‍්‍රීඩා සංවර්ධන
අමාත්‍යංශය සඳහන් කලේ.

LEAVE A REPLY