ක‍්‍රීඩාව සහ දේශපානය කිසිදිනෙක එකිනෙක සම්බන්ධ කර නොගන්න බව
ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ 44 වන ජාතික මහා ක‍්‍රීඩා
උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

44 වන ජාතික මහා ක‍්‍රීඩා උළෙල ඊයේ පොලොන්නරුවේ දී
ආරම්භ වුනා

ශ‍්‍රී ලංකාවේ පලාත් නවය නියෝජනය කරමින් මෙවර ජාතික මහා ක‍්‍රීඩා
උළෙල සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 2150කට වැඩි ප‍්‍රමාණයක් සහභාගී
වනවා.

ජාතික මහා ක‍්‍රීඩා උළෙල ලබන දාහතර වන දින දක්වා පැවැත්වෙන අතර
මෙහි සමාප්ත උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ
ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමි බවයි ක‍්‍රීඩා සංවර්ධන
අමාත්‍යංශය සඳහන් කලේ.

LEAVE A REPLY