ඉන්දියාවේ නැගෙනහිර ප‍්‍රදේශය හරහා හමාගිය ටිට්ලි සුළිි
කුණාටුව හේතුවෙන් මේ වනවිට අන්ද‍්‍රා ප‍්‍රදේශයේ අට දෙනකු
මියගොස් තිබෙනවා.

ඔරිස්සා හා අන්ද‍්‍රාහි මුහුදු බඩ ප‍්‍රදේශ හරහා පැයට
කිලෝමීටර් 150ක වේගයෙන් සුළග හමා ගිය බවයි වාර්තා වන්නේ.

විදුලි රැුහැන් ඇදවැටීම හේතුවෙන් ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වී
ඇති අතර නිවෙස් විශාල ප‍්‍රමාණයකට අලාභ හානි වී ඇති බව විදෙස්
වාර්තා සදහන් කරනවා.

ආපදා කළමනාකරණ අංශ පවසන්නේ පානීය ජලය බරපතල ගැටලූවක් වී
ඇති බවයි.

මේ හේතුවෙන් රජයේ කාර්යාල හා පාසල් වසා දමා ඇති බව සදහන්.

සේවා අංශ විසින් ආරක්ෂිත මධ්‍යස්ථාන 1100ක විපතට පත්
පුද්ගලයින් රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY