ඉන්ධන මිල ඉහළ යැම සැලකිල්ලට ගෙන පොදු ප‍්‍රවාහන හා පාසල්
ප‍්‍රවාහන සේවා සඳහා යම් සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය
යොමු කරන බව රජය පවසනවා.

ඒ පිළිබද සාකච්ඡුා කරමින් සිටින බවයි ප‍්‍රවාහන හා සිවිල්
ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද
පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික ප‍්‍රශ්නයක්
යොමු කරමින් විමසූ පැනයකට පිළිතුරු ලබදෙමින් නියෝජ්‍ය
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලා.

ඉන්ධන මිල ඉහළ යැම සිදු වුවත් ඩිසල් මිල ඉහල නොගිය නිසා පාසල්
වෑන් රථ සඳහා මිල ඉහළ යෑමක් සිදු නොවනු ඇති බව කියා සිටි
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පාසල් වෑන් සංගම් සමග ද සාකච්ඡුා
කිරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY