දිවයිනේ ඇතැම් දිස්ත‍්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය
හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත‍්‍රික්කවල
මි.මී.75 පමණ තරමක් තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද
සුළං සහ අකුණු ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ
විද්‍යාඥ කසුන් පැස්කුවෙල් කියා සිටියේ.

මේ අතර වවුනියාව මඩුකන්ද ප‍්‍රදේශයට බලපෑ සුළග හා වර්ෂාව
හේතුවෙන් වවුනියාව – ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයට ගසක් කඩා
තිබෙනවා.

මඩුකන්ද විද්‍යාලය ආසන්නයේදී තේක්ක ගසක් මාර්ගයට කඩා වැටී තිබු
බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගස කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ධාවන කටයුතු වෙනුවෙන් බාධා එල්ල
වි පැවති අතර ප‍්‍රදේශවාසීන් මැදිහත් වි ගස කපා මාර්ගයෙන් ඉවත් කර
තිබුනා.

LEAVE A REPLY