මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිඛෙනවා.අද උදෑසන 9.25 ට පමණ හුලංකන්ද, දම්පහල මාර්ගයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වු අකුරැස්ස වත්ත, වලස්මුල්ල පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.මිය ගිය පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී වෙඩි තැබීමට ලක්ව ඇති අතර, සැකකරුවන් යතුරුපැදියකින් පැමණ ඇති බවටද විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කලේ.
ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY