වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාර වල
ආරක්ෂාව සඳහා අද දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට
තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම බන්ධනාගාර වල පිටත
ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු
සිදුකිරීමට නියමිත බවයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ
අමාත්‍යංශය සඳහන් කළේ.

බන්ධනාගාර තුළ සිදුවන විවිධ ¥ෂණ ක‍්‍රියා මැඩපැවැත්වීමට සහ
බන්ධනාගාර වල ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය
යෙදවීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර
ගනු ලැබුවා.

එහි පළමු අදියර ලෙස පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ
ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටද කටයුතු
කර තිබුනා.

මේ අතර අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ අදාල විරෝධතාවය මෙහෙය
වූ බව කියන රැුඳවියන් 08 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර හැරීමට
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ අදාල රැුඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කර ඇති
බවයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ.

එම රැුදවියන් අතර ජුලම්පිටියේ අමරේ, තංගල්ලේ මහේෂ් ඇතුළු
හෙරොයින් හා මනුෂ්‍ය ඝෘතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැුඳවියන් 08
දෙනකු සිටින බව සඳහන්.

ඔවුන් කළුතර, ගෘල්ල, මාතර, කුරුවිට සහ මොණරාගල බන්ධනාගාර වෙත මාරු කර
ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY