හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තානු ජාතික ගුවන් යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසිනුයි කටුනායක ගුවන් තොටුපොළේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන් දෙදෙනා අතරින් කාන්තාව 67 වන වියේ පසුවන අතර , පිරිමි පුද්ගලයා 44 හැවිරිදි වියේ පසුවන්නෙක්.පාකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානාවල මගීන් සහ භාණ්ඩ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවකට ලක් කිරීම සිදු කරනවා.ඔවුන් මඟහැරීම සඳහා මොවුන් දෙදෙනා පාකිස්තානයේ ලාහෝර් සිට ඩුබායි වෙත ගොස් එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.
ඒ අනුව අද උදෑසන වනවිට මෙම පාකිස්තානු ජාතික කාන්තාව විසින් ගිල දමා සිටි හෙරොයින් ගුලි 35 ක් එළියට ගැනීමට මීගමුව මහ රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා.

මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 42 ක් පමණ වන බවයි සදහන් වන්නේ.
මොවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතරුව දින 07 ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී සිටිනවා.

LEAVE A REPLY