ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රි ලංකාව භාරව කටයුතු කරන කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැක්නන් මහතා තම නිල වෙබ් අඩවියේ නිවේදනයක් සටහන් කරමින් පවසා තිඛෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවට අනුව සියලුම පාර්ශවයන්ට කටයුතු කරන ලෙසට එම නිවේදනයෙන් ඉල්ලා ඇති බව සදහන්.ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වැලකි සිටින ලෙසටද කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැක්නන් මහතා පවසා තිඛෙනවා.
මේ අතර රට තුළ පවතින වත්මන් දෙශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර තිබුනේ ලංකාවේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයටද ශ්‍රී ලංකේය රජයෙන් සිදු විය යුතු වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙසයි.

එමෙන්ම ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිකුත් කර තිබු ලිපියේ සදහන්.

LEAVE A REPLY