ඛණිජ තෙල් වෘත්තිය සමිති විසින් වර්ජනයක් ආරම්භ කර තිඛෙනවා. ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඊයේ ඇති වූ සිදුවිම පාදක කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඛණිජ තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමය සදහන් කලේ.
ඊයේ පස්වරුවේ ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

ඊයේ රාත්‍රීයේ සිට තෙල් ඛෙදාහැරීම නතර කිරීමට ද පියවර ගත් බව එම සංගමය සදහන් කළා.වර්ජනය හේතුවෙන් ඛණිජ තෙල් සියලූම කාර්යයන්වලින් සිය සේවකයින් ඉවත් වී තිඛෙනවා.එමෙන්ම මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු පමණක් සිදුවෙන අතර ඉදිරියේදී සිය ඉල්ලීම් කෙරෙහි බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් එම කටයුතුවලින්ද ඉවත්වීමට සූදානම් බවයි ඛණිජ තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමය සදහන් කලේ.

LEAVE A REPLY