උඩවලව රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිඛෙනවා.රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදී සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

එහිදී පොලිස් විශේෂ බලකා නිලධාරින් සිදු කළ ප්‍රතිප්‍රහාරවලදී එක් සැකකරුවෙකු තුවාල ලබා තිඛෙනවා.තුවාල ලැබූ සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බව සඳහන්.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන බවයි.

මේ අතර ගලේවෙල කිරලගොල්ල ප්‍රදේශයේදී මත්කුඩු සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පිරිස සහ පොලිසිය අතර ගැටුමක් ඇති වී තිඛෙනවා.ඇතිව තිබූ මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY