ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කර තිබෙනවා. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තයි.
ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටේල් මහතාගේ ප්‍රතිමාව මෙසේ අද දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කරනු ලැබුවා.

ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ මෙම ප්‍රතිමාව ඉන්දියාවේ ප්‍රධාන සංචාරක ආකර්ශණයක් වෙනු ඇති බවයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ.කෙසේ වෙතත් තවත් පිරිසක් පවසන්නේ මෙය ජනතා මුදල් විනාශ කර දැමීමක් බවයි.මෝදි මහතා 2010 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කරන අවස්ථාවේදි මෙම ප්‍රතිමාව ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY