ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්විමට නියමිතව තිබෙනවා.
අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති නිල නිවසේදී පවැත්විමට නියමිතයි.

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම සහ වත්මන් ආණ්ඩුව පිහිටුවිමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන ප්‍රථම අවස්ථාව මෙය වනවා.
මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ.

LEAVE A REPLY