ජා ඇල දුම්රියපොල මාර්ගයේ ස්වර්ණාභරණ වෙළෙඳ සැළක් පුද්ගලයින් තිදෙනෙකු විසින් කොල්ල කා පළා ගොස් තිබෙනවා.

වෙළඳසැළේ හිමිකරු පවසන්නේ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් මෙලෙස කොල්ල කා ඇති බවයි.

අදාල ස්වර්ණාභරණ වෙළෙඳසැළට ඊයේ රාත‍්‍රී 08.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු අළෙවිසැළේ වෙළදාම් කටයුතු අවසන් කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙලෙස ස්වර්ණාභරණ කොල්ල කා පළා ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී කොල්ලකරුවන් විසින් වෙඩි තැබීමක්ද සිදුකර ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

LEAVE A REPLY