එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිතව තිබේ.මෙම සාකච්ඡා ඊයේ දිනයේදී පැවත්වීමට නියමිතව තිබුනද එය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණා.

ඒ අනුව මෙම විශේෂ සාකච්ඡා අද රාත්‍රී 8.00 ජනාධිපති කාර්යාලයේදී පැවත්වීමට නියමිතයි.

පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් අතර යළි සාකච්ඡාවක් පැවැතිවීමට සැළසුම් කර තිබුණි.

මෙම සාකච්ඡාවේදී දැනට මතුව ඇති දේශපාලනික අර්බුදය සම්බන්දයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

LEAVE A REPLY