ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වී ඇති නාමයෝජනාවලට එරෙහිව ඉදිරිපත් කර ඇති විරෝධතා විමර්ශනය කර, එහි අවසන් වාර්තාව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා වෙත බාර දී තිබෙනවා. ඒ අභියාචනා කමිටුවේ සභාපති, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින්.

අභියාචනා කමිටුව ලබාදුන් නිර්දේශ ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වැනිදා ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY