ජාතික ආණ්ඩුව පිහිටුවිම සමිබන්ධයෙන් වු යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිඛෙනවා.

ඊයේ රාත්‍රියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබුනා.

එහෙත් එම අවස්ථාවේ අදාළ යෝජනාවට විපක්ෂයේ සියලු පක්ෂ විරෝධය පළ කල බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වී ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

අදාල යෝජනාව අද දිනයේ විවාදයට ගැනීමට තීරණය වූ අතර පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද එම යෝජනාව ඇතුළත් කර තිඛෙනවා.

කෙසේවෙතත් එම යෝජනාව පිලිබඳ තවදුරටත් සාකච්ඡා සිදුකල යුතු බවත් ඒ අනුව අදාල ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන සිටිමට තීරණය කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වී ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

LEAVE A REPLY