දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු අද දිවයිනෙන් පිටත්ව ගියා.

මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා, ඕෂධ ප්‍රනාන්දු සහ මොහොමඞ් ශිරාස් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

එම තරගාවලිය සඳහා නම් කළ ඇන්ජලෝ පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය ඉදිරි දින කිහිපයේදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට එක්වන සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයින් ඕස්ටේ්‍රලියාවේ සිට දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිඛෙනවා.

මෙවර දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් දිනේෂ් චන්දිමාල්, දිල්රුවන් පෙරේරා සහ රොෂේන් සිල්වා ඉවත් කිරීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගේ තිබුනා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිමුත් කරුණාරත්නයි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 13 වැනිදා ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY