පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ 09 දෙනෙකුට හලාවත මහාධිකරණය විසින් අද මරණ දණ්ඩනය නියම කළා. 2001 ජූනි 24 දා මාරවිල – මූදුකටුව ප‍්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කළ බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ. 27 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර තිබුණා.

ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව මෙම විත්තිකරුවන් වරදකරුවන් බවටයි හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප‍්‍රනාන්දු මෙනවිය නියෝග කළේ.

එමෙන්ම මෙලෙස මරණ දණ්ඩනයට නියම වී ඇත්තේ එකම පවුලේ සහෝදරයින් පිරිසක් බව අප වාර්තාකරු පැවසුවා.

LEAVE A REPLY