තායිලන්තයේ රජුගේ වැඩිමහල් සොහොයුරිය දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති අතර, ඇය ඉදිරි මැතිවරණයේදී අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරග කිරීමට නියමිතයි. 67 හැවිරිදි වියේ පසුවන ඇය, බලයෙන් පහකළ අග‍්‍රාමාත්‍ය තක්ෂීන් ෂිනවත‍්‍රාට පක්ෂපාතී පක්ෂයකට සම්බන්ධ ඇතැයිද එරට වාර්තා පැවැසුවා.

රාජකීය පවුල දේශපාලනයෙන් ඉවත්ව සිටීම තායිලන්ත සාම්ප‍්‍රදායයි. මේ තත්ත්වය තුළ රජුගේ වැඩිමහල් සොහොයුරිය අග‍්‍රාමාත්‍ය ධුරයට තරග කිරීම ආන්දෝලනයට තුඩුදී ඇති කාරණයක් බවට පත්ව තිබෙනවා.

තායිලන්ත මහ මැතිවරණය ලබන 24 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY