වයස අවුරුදු 04 ක් වන තම දියණිය කලාඔයට දැමූ බවට එල්ල වූ චෝදනා මත පදනම්ව අත්අඩංගුවට ගෙන සිටින ඇගේ මව ලබන 12 දා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මතයි.

දැරිය කලා ඔයට දැමූ බවට සාලියවැව පදිංචි මව විසින් පාපොච්ඡුාරණයක් සිදු කළා. ඒ අනුවයි ඇය පොලිස් අත්අඩංගුවට ගැනුනේ.

කෙසේ වෙතත් කලා ඔයේ දින ගණනාවක් පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණද එම දැරිය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට හැකිවූයේ නැහැ.

LEAVE A REPLY