දකුණු අපි‍්‍රකානු සංචාරයේ එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කවුරුන්දැයි මේ දක්වා තීරණය කර නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පවසනවා. ටෙස්ට් තරගාවලියේ කී‍්‍රඩා විලාසයන් අධ්‍යනය කරමින්, එක්දින කණ්ඩායම නම් කරන බවයි එම කමිටුවේ සාමාජික බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා ප‍්‍රකාශ කර තිබෙන්නේ.

මේ අතර කි‍්‍රකට් ආරංචි පවසන්නේ ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් නායකත්වයේ යළි වෙනසක් සිදුවනු ඇති බවයි. දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේදී නව නායකයෙකු පත් කිරීමටද අවධානය යොමුවී ඇති බව එම ආරංචි පැවසුවා.

මෙහිදී මූලිකව අවදානය යොමු වී ඇත්තේ කණ්ඩායමේ එකමුතුකම පවත්වාගෙන යා හැකි කී‍්‍රඩකයෙකුට එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදීම ඉතා වැදගත් බවයි.

කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකානු සංචාරයේදී එක්දින කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කවුද, ඔහු එළඹෙන ලෝක කුසලාන තරගාවලියටද නායකත්වය ලබා දිය යුතු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ ස්ථාවරයයි.

LEAVE A REPLY