පොලිසියේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද පැවැසුවා. ඔහු පෙන්වා දෙන්නේ පොලිසිය පොලිස් කිරීමේ වගකීම තමන් විසින් බාර ගන්නා බවයි. පොලිසිය බාරව මේ දක්වා කටයුතු කර ඇති ඇමතිවරු කුමක් කළේදැයි තමන්ට ගැටළුවක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

එබැවින් ඉදිරි මාස කිිහිපය තුළ රට වෙනුවෙන් පොලිසිය විශේෂ පරිවර්ථයක් සිදු කරන බවයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කියා සිටියේ. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනය අමතමින්.

LEAVE A REPLY