තායිලන්තයේ උබෝල්රත්නා රාජකන්‍යා කුමරිය අගමැතිදුර අපේක්‍ෂකත්වයට ඉදිරිපත් නොකිරීමට පක්‍ෂ නායකයින් තීරණය කර තිබෙනවා. ඒ තායිලන්ත රජු විසින් සිදු කළ ප‍්‍රකාශයක් අණක් ලෙස සලකමින්.

සිය සොහොයුරිය අගමැති අපේක්ෂකත්වයට ලෙස ඉදිරිපත්වන්නේනම් ඇය රජ පවුලෙන් නෙරපන බව තායිලන්තයේ රජු විසින් අවධාරණය කර තිබුණා. ඔහු පැවසූවේ, එය රජ පවුලට මෙන්ම තායිලන්ත සංස්කෘතියටද නිගාවක් විය හැකි බවයි.

තායි රජ පවුල සම්ප‍්‍රදායිකව දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටීම එරට සම්ප‍්‍රදායයි. 67 වන වියෙහි පසුවන උබෝල්රත්නා රාජකන්‍යා කුමරිය 1972 වසරේදී අමෙරිකානුවෙකු විවාහ කරගැනීමත් සමග ඇයට රජ පවුලේ වරප‍්‍රසාධ අහිමි වුණා.

නැවතත් ඇය රාජකීය කටයුතු සමග එක්වන්නේ 1990 වසරේදී සිය දික්කසාදය ලබාගැනීමෙන් අනතුරුවයි.

LEAVE A REPLY