ස්ථාවර රජයක් පවත්වාගෙන යාමට හැකි තරමේ බහුතරයක් ලැබෙන ඡන්ද ක‍්‍රමයක් හදුන්වාදීමට පියවර ගත යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. පවතින ඡුන්ද ක‍්‍රමය යටතේ තනි පක්‍ෂයකට ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාම ඉදිරියේදී තවත් අපහසු කාරණයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අගමැතිවරයා මේ බව කියා සිටියේ බලපිටිය ප‍්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්.

LEAVE A REPLY