ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂිකා එළිසබෙත් වොරන් මහත්මිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. ඇය වේදිකාවට පැමිණීමට පෙර ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විරෝධතාවක ද නිරත වූ බව විදෙස් වාර්තාවල සඳහන්.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රබල අපේක්ෂිකාවක ලෙසයි වොරන් මහත්මිය හැදින්විය හැක්කේ. සිය මැතිවරණය ව්‍යාපාරය එළිදක්වමින් ඇය සඳහන් කළේ, සෑම පුරවැසියෙකු සඳහාම සේවය කරන අමෙරිකාවක් ගොඩනැගීම තම අරමුණ බවයි.

ධනේෂ්වර සමාජ ක‍්‍රමය විවේචනය කරමින් ඇය අදහස් දක්වා තිබීම කැපී පෙනෙන කාරණයක්.

LEAVE A REPLY