දෙමළ ජාතික සන්ධානයට අලූත් නායකයෙකු පත් කළ යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එම්.ඒ.සුමන්තිරම් මන්ති‍්‍රවරයා ඒ සඳහා පත්කළ යුතු බව එම සන්ධානයේ බහුතරයකගේ යෝජනාව වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ආර්.සම්බන්ධන් මහතා මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන අතර, ඔහු දෙමළ සන්ධානයේ අනුශාසකවරයා ලෙස පත්කළ යුතු බවටයි යෝජනා ඉදිරිපත් වී තිබෙන්නේ. මෙම යෝජනා ඉදිරියේදී රැුස්වීමට නියමිත එම සන්ධානයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇතැයිද සඳහන්.

LEAVE A REPLY