දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා රුසියාවේ මොස්කව් සහ සෙන්ට් පීටස්බර්ග් නගරවලදී විරෝධතා පවත්වා තිඛෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ විරෝධතා සඳහා බොහෝ පිරිසක් සහභාගිවී සිටි බවයි.

නිවාස අඩස්සියේ පසුවන දේශපාලන ක්‍රියාකාරිනියකගේ දියණියක් මියයෑමේ සිදුවීමක් මුල්කරගනිමින් මෙම විරෝධතා ආරම්භ කර තිබුනා.

මේ අතර විරෝධතා අතරතුරදී පොලිසිය සමග ගැටුම්ද හටගෙන තිඛෙනවා.

සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ පැවති විරෝධතාවට සහභාගිවී සිටි පුද්ගලයින් හත් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY