දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල අද රාත්‍රීයේ සිට ලබන 13වනදා දක්වා සුළගේ වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා සුළගේ වේගයද විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි විය හැකියි.

මේ අතර නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

ඉදිරි කාලගුණ තත්ත්වය පිලිබඳ තොරතුරු ගෙන එන කාර්යයේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.

LEAVE A REPLY